නුවන් සොයිසා ක්‍රිකට් දූෂණ වැරදිකරුවෙක් බව අයිසීසී කියයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා ක්‍රිකට් දූෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා වැරදිකරු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

මේ වනවිට ඔහුට එරෙහිව තාවකාලික තහනමක් පනවා ඇති අතර ඔහුට එරෙහි දඬුවම් අයිසීසී ය විසින් නුදුරේදීම නිවේදනය කිරීමට නියමිතය.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියේ “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස ඔහු කටයුතු කළේය.

එහිදී සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම් සම්බන්ධයෙන් සැකය සොයිසා වෙත එල්ලවී තිබුණි. මීට වසර දෙකකට පමණ පෙර අයි සී සී දූෂණ විරෝධී සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.