කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් IDHහි ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙක් රෝහලෙන් පැනගොස් ඇත.
ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මව සහ පුතා මෙලෙස රෝහලෙන් පැනගොස් ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් සොයා ගැනීම සඳහා මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් ආරම්භ කර තිබේ.