තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. මෙරටදී මිගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි. අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 15,324ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 9,478ක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු එසේ මියගොස් ඇත. එසේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.
මියගිය අය වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ 27 කාන්තාවක්, කළුතර පොකුණුවිට 59 හැවිරිදි කාන්තාවක් සහ කළුතර, හල්තොට 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදිනය සමග ඇති වු නියුමෝනියා තත්ත්වයකි.
අවුරුදු 27 ක් වයසැති කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි තරුණියකි. කොළඹ ජාතික රෝහලෙන් කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය හේතුවෙන් උත්සන්න වු අක්මා රෝගී තත්ත්වයකි.
කලුතර දිස්ත්‍රික්කයේ පොකුණු විට පදිංචි අවුරුදු 59ක කාන්තාවක් ද කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබේ. නිවසේ දී මියගොස් ඇති එම කාන්තාව කොවිඩ් ආසාදනය හේතුවෙන් ඇති වු පපුවේ ආසාදන තත්ත්වය හා අධික රුධිර පීඩනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ හල්තොට පදිංචි අවුරුදු 59ක පිරිමි පුද්ගලයෙක් ද කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබේ. නිවසේ දී ඔහු මියගොස් ඇති අතර, කොවිඩ් ආසාදනයෙන් ඇති වු පපුවේ ආසාදන තත්ත්වයක් මරණයට හේතුවී ඇත.
මෙරටින් වාර්තා වන විශාලතම කොවිඩ් පොකුර වන මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 15,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.ඊයේ (19) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් ගණන 437කි. ඊයේ දිනයේ හඳුනාගැණුනු සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනයේ දී විදේශීය මුහුදු ආරක්ෂකයෙකු සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ද කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. කෙසේවෙතත් ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 305ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58ක් ලෙස වාර්තා වේ.
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 3,059ක් ලෙසත් පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුර 12,265ක් ලෙසත් වාර්තා වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 18,823ක් වන අතර, ඉන් පුද්ගලයින් 12,902ක් පූර්ණ සුවය ලබා ඇත.