චීනය සමග ඩො.මි.300ක ආයෝජන ගිවිසුමකට රජය අත්සන් තබයි

ඉන්දික ශ්‍රී අරවින්ද

ඇමරිකානු ඩොලර් මිලියන 300 ක වියදමින් ටයර් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහාඅවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද(19) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදුවිය.

ලොව ප්‍රමුඛ පෙළේ ටයර් නිෂ්පාදන සමාගමක්වන චීනයේ Shandong Haohua Tyre Co. Ltd සමාගම සමඟ ටයර් නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කිරීම සඳහා ආයෝජන මණ්ඩලය අතර මෙම ගිවිසුම් අත්සන් කෙරුණි.

මෙම ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහය (HIPG) විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කාර්මික කලාපය (HIP’s Industrial Park) තුළ අක්කර 121 ක භූමියක් ලබා දී ඇත. සම්පුර්නයෙන්ම අපනයන වෙළඳපොල ඉලක්ක කරගනිමින් මෙහි ටයර් නිෂ්පාදනය වන අතර, අර්ධවානේ සහ වානේ රේඩියල් ටයර් නිපදවීම ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතියෙහි සෘජු විදේශ ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 300ක් වන අතර මෙමගින් සෘජු රැකියා අවස්ථා 2000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වනු ඇත. මෙම ආයෝජන ගිවිසුම උපායමාර්ග සංවර්ධන පනත යටතේ ගිවිසුම් ගත වන බැවින් ව්‍යාපෘතිය වසර තුනකින් ඉදිකර අපනයන කටයුතු ආරම්භ කල යුතුව ඇත.

මෙම ආයෝජන ගිවිසුම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, ආයෝජන සමාගම වෙනුවෙන් Cao Mingzhang සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහය වෙනුවෙන් Xu Jiancum යන මහත්වරු අත්සන් තබන ලදී. මෙම අවස්ථාවට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ,ශ්‍රී ලංකාවේ චීන තානාපති යන මහත්වරු සහභාගි වූ අතර චීනයේ සිට Shandong Haohua Tyre Co. Ltd සමාගමේ සභාපති එක්වුහ.

ශ්‍රී ලංකාව මේ වන විට ඇමරිකානු ‍‍‍‍ ඩොලර් බිලියනයක රබර් නිෂ්පාදන අපනයනය කරන අතර 2025 වසර වන විට දී එය බිලියන 2ක අපනයන කර්මාන්තයක් බවට පත්කිරීම රජයේ අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.