සෑම පවුලකටම තමන්ගේම නිවසක් සංකල්පය යටතේ ක්‍රියාත්මක මෙම නිවාස යෝජනා ක්‍රමය යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම නිවාස 100 යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමේ සැලසුම් දියත් කර ඇත. ඒ අනුව මැතිවරණ කොට්ඨාස 160ක් ආවරණය වන පරිදි නිවාස 16000ක් දිවයින පුරා ඉදිකිරීමට යෝජිතය.
ඊයේ දින ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිය දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ මරදගහමුල ප්‍රදේශයේ ඉදි කෙරන අතර, මෙම නිවාස සංකීර්ණය තට්ටු පහකින් සමන්විත වේ. මරදගහමුල “සියපත නිවාස” ව්‍යාපෘතියට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු විය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
සසුනට දරුවන් පූජා කළ, නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ “මිහිදු නිවාස” යෝජනා ක්‍රමයට අදාළ ව්‍යාපෘති යෝජනාව ගරුතර මහා සංඝරත්නය විසින් මෙහිදී ගරු අග්‍රාමාත්‍යතුමාට භාරදුන්හ.
මීට සමඟාමීව ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් කෝටි 75 කට අධික මුදලක් ජයග්‍රාහකයින් සඳහා ප්‍රධානය කිරීමද මෙහිදී සිදු විය.
ලොතරැයි ඉතිහාසයේ කෝටි 24 කට අධික වැඩිම මුදල ජයග්‍රහණය කළ ජයග්‍රාහිකාව වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා අතින් ජයග්‍රාහක මුදල් ප්රදානය කිරීම ද මෙහිදී සිදු වුණි.
මෙම අවස්ථාව සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෝකිලා ගුණවර්ධන, නලීන් ප්‍රනාන්දු, සහන් ප්‍රදීප්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් සිරිනිමල් පෙරේරා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.