ගුවන් හමුදාපතිට අගරදගුරු හිමිපාණන්ගේ ආශීර්වාදය

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානාණන්ව අද හමු විය.

ඒ කොළඹ අගරදගුරු මන්දිරයේදී. එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන සේනාධිනායකයා ලෙස පත් කිරීම පිළිබඳව කතෝලික පල්ලියේ සුබ පැතුම් පිරිනැමූ අතර ඔහුගේ උත්සාහයට සියලු ආශිර්වාද ලබා දෙන බවට උන්වහන්සේගේ පවසා ඇත.

සුහද සාකච්ඡාවකින් පසු එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සමරු තිළිණයක් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගන්වා ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් පසුගියදා පත් විය. ගුවන් හමුදාව සතු ප්‍රහාරක ජෙට් යානා මෙහෙයවමින් ඊළාම් යුද ඉතිහාසයේ දක්ෂතා පෙන්වූ වකුවන නව ගුවන් හමුදාපතිවරයා මෙරටට පළමු මිග් 27 යානාව රැගෙන ආ නිලධාරියාද වෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 1990 දී සුපර්සොනික් වර්ගයේ F7 ප්‍රහාරක යානා රැගෙන ඒමේ දී තෝරාගත් පළමු ගුවන් නියමුවන් හය දෙනා අතරට ද ඔහු ඇතුළත් විය. 1995 දී කෆීර් ජෙට් යානා රැගෙන ඒමේ දී එහි නියමුවකු ලෙසද තේරුනු හෙතෙම කෆීර් ජෙට් බලගණයේ අණදෙන නිලධාරියාද විය. ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් බලගණ සියල්ලේම දක්ෂ නියමුවකු වූ හෙතෙම මෙහෙයුම් අධ්‍යක්ෂ, ඇතුළු ඉහළ තනතුරු හොබවමින් මාණ්ඩලික ප්‍රධානී තනතුර දක්වා පැමිණි අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.