බන්ධනාගාරවල ගැටළු සෙවීමට කමිටුවක්

අශන්ති වරුනසුරිය

මෑත කාළිනව බන්ධනාගාරතුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් සිදුකිරීමට වහාම කමිටුවක් පත්කිරීමට තීරණය කල බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ල මිය පැවසීය.

එම කමිටුවේ වාර්ථාව සති 03ක් ඇතුළත අමාත්‍යාවරිය වෙත ලබාදීමට කටයුතු කලයුතුය.කමිටු වාර්තාවෙන් පසුව අදාල කටයුතු සම්පාදනය කරන බව ද අමාත්‍යවරිය පැවසීය. එක දිගට මතුවන බන්ධනාගාර ගැටුම් සහ ගැටළු සම්බන්දයෙන් අප කල විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව පැවසීය. ඒ අනුව මේ වන විට අමාත්‍යවරිය අමාත්‍යංශ ලේකම් ගීතාමනී කරුණාරත්න වෙත මේ පිළිබදව උපදෙස් ලබාදී තිබේ.

අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් තිදෙනෙකුට නොඅඩු කමිටුවක් පත්කිරීමට නියමිතය. මොණරාගල බන්ධනාගාරයේ රැදවියෙකු මියයෑම, මාතර බන්ධනාගාරයේ රැදවියෙකුට පහරදීම, බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පලායෑම සහ රැදවියෙකු මියයෑම, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයේ රැදවියන් උද්ඝෝෂණය කිරීම ඇතුලු සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ සිදුකිරීමට මෙම කමිටුවට පැවරී ඇත.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මැන්ඩෙලා රීතීන් ගරුකරමින් පාලනය වන බන්ධනාගාර වන බැවින් උක්ත සිදුවීම් බන්ධනාගාර තුළ සිදුවීම පිළිබදව සාධාරණ පරික්ෂණයක් පවත්වා යම් අයෙකු අතින් වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබදව විනයානුකූලවත් නීත්‍යානුකූලවත් කටයුතු කිරීමට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදී තිබේ.

මේ අතර බන්ධනාගාරතුළ කොවිඩ් 19 පැතිරයාම පිළිබදව විශේෂ අවධානයක් යොමුකරමින් එය වළක්වාගැනීම සදහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසටද බන්ධනාගාර පාලනාධිකාරිය වෙත අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියා අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. බන්ධනාගාරයෙන් පළා ගිය එම සැකකරු මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

සැකකරු අද (18) අලුයම 1.00 ට පමණ බන්ධනාගාරයෙන් පලාගිය අතර පොලීසිය ඔහු සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට අත් අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.