වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
අධිකරණ විවෘතකර නඩු කටයුතු කඩිනම්කරන ලෙස ඉල්ලා බන්ධනාගාර වහළය මත නැග එම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බව බන්ධනාගාර මාධ්‍ය අංශය පවසයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රැඳවියන් 10 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වේ. එමෙන්ම වැලිකඩ කාන්තා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම හිස් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටියි. ඒ අනුව සියලුම කාන්තා රැදවියන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.