අශන්ති වරුනසුරිය
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා මැණික්හින්න , හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර ඇත.
පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අපට අදහස් දක්වමින් පැවසුවේ නාපාන පේමසිරි නාහිමියන්ගේ අපවත් වීම දේශයට දැරිය නොැහැකි පාඩුවක් වන බවත් ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 22 වැනිදා පවත්වන බවත්ය
දේහය සදහා අවසන් ගෞරව දැක්වීම සදහා විශාල ජනතාවක් හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනෙ වෙත පැමිණෙමින් සිටින අතර, කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනතාව වෙත දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව සළසා තිබේ.
ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 22 වැනිදා සිදු කිරීමට නියමිතය.