ඉන්දික ශ්‍රී අරවින්ද
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රඳවා සිටින නව මැගසින් බන්ධනාගාරයේ සිරමදිරියෙන් කොරෝනා රෝගියෙකු හමු වී ඇතැයි වාර්තා වෙයි.
හිටපු අමාත්‍යවරයා සමග රඳවා සිටින සිර මැදිරියේ 6 දෙනෙකුගේ PCR පරීක්ෂණ අහඹු ලෙස සිදු කළ අතර ඉන් පස් දෙනෙකුටම කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සමග රඳවා සිටින රැඳවියාටත් රෝගය වැළඳී ඇති අතර එම ස්ථානයේ සිටින වැඩි පිරිසකට කොවිඩ් තර්ජනය එල්ල වී ඇති බව වාර්තා වෙයි.
මේ අනුව හිටපු අමාත්‍යවරයා ද දැඩි කොවිඩ් 19 තර්ජනයකට මුහුණ දී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා අසදිතයන් සංඛ්‍යාව 506ක් දක්වා ඉහලගොස් තිබේ.