බූස්ස ඇපමත නිදහස්වූ සිරකරුවන් වහාම PHIවෙත යොමු වන්නැයි ඉල්ලීමක්

වෛශනී වෙල්රාජ්

පසුගිය 15වනදා ගාල්ල බූස්ස බන්ධනාගාරයෙන් ඇප මත මුදා හරින ලද සියලුම සිරකරුවන්ට වහාම අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට (PHI) හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට (MOH) වාර්තා කරන ලෙස ඉල්ලයි.

පසුගිය බදාදා (11) ඇප මත මුදා හරින ලද රිමාන්ඩ් සිරකරුවෙකු COVID-19 ධනාත්මක වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවත් මෙම කාල සීමාව තුළ ඇප මත මුදා හරින ලද සිරකරුවන් හරහා වෛරසය ප්‍රජාව වෙත පැතිරීමේ හැකියාවක් පවතින බැවින් වහාම තම ප්‍රදේශයේ පීඑච්අයි හෝ එම්ඕඑච් නිලධාරීන් වෙත වාර්තා කරන ලෙස වෙනුර මහතා වැඩිදුරටත් පැවසීය. ගාල්ල දිස්ත්‍රික් කලාපීය වසංගත රෝග විද්‍යාඥ්ඥ වෙනුර කේ. සිංහආරච්චි කොළඹ ගැසට් පත්‍රයට පැවසීය.

රිමාන්ඩ් සිරකරුවන් තිස් අට දෙනෙකු (38) 2020 ඔක්තෝබර් 31 දින සිට ගාල්ල බූස්ස බන්ධනාගාරයෙන් ඇප මත මුදා හැර ඇති බව වාර්තා වන නමුත් තවත් බොහෝ දෙනෙකු නිදහස් වීමට ඉඩ ඇතැයි සැක කෙරේ.

බදාදා (11) බූසා බන්ධනාගාරයේ එක් වාට්ටුවක අහඹු ලෙස PCR පරීක්ෂණ පහක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව රැඳවියන් තිදෙනෙකු වෛරසය වැළඳී ඇති බව ද රෝගීන් 44 දෙනෙකු හඳුනාගෙන ඇති එම වාට්ටුවේම සිකුරාදා (13) PCR පරීක්ෂණ 132 ක් පවත්වූ බවද වෙනුර මහතා පැවසීය.

බන්ධනාගාරයේ තවත් වාට්ටු දෙකක් ඇතුළුව ඉරිදා (15) පවත්වන ලද පීසීආර් පරීක්ෂණ 230 ක් අතරතුර අනෙක් වාට්ටුවල පුද්ගලයින් දෙදෙනෙකු ධනාත්මක බව පරීක්‍ෂා කිරීම් වලින් සනාථ වී ඇත. ගාල්ල බූස්ස බන්ධනාගාරයේ වාට්ටු තුනටම කොරෝනා වෛරසය පැතිරී ඇති බව පීසීආර් පරීක්ෂණ මගින් සනාථ වී ඇති බව සිංහආරච්චි පැවසීය.

පසුගිය දින 15 තුළ බුස්ස ගාල්ල සහ කළුතර බන්ධනාගාරවලින් ඇප මත මුදා හරින ලද සියලුම රිමාන්ඩ් සිරකරුවන්ගේ නම් ලැයිස්තුවක් ලබා දෙන ලෙස බන්ධනාගාර හා පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ඇප මත සිටින සිරකරුවන් හඳුනා ගැනීමටත්, ඔවුන් දින 14 ක් නිවාස නිරෝධායනයෙහි තැබීමටත්, ප්‍රජාව තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය PCR පරීක්ෂණ පැවැත්වීමටත් පියවර ගන්නා බව වෙනුර මහතා සදහන් කළේය. මේ අතර, තවත් රැඳවියන් 68 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව අද වාර්තා විය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාරා උපුල්දෙණිය මහතා පැවසුවේ අද උදෑසන වන විට දිවයින පුරා බන්ධනාගාරවල සිටින මුළු ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 506 දක්වා ඉහළ ගොස් ඇති බවයි. තවත් ආසාදිතයින් 68 දෙනෙකු බන්ධනාගාර තුලින් හඳුනා ගැනීමත් සමගයි. අලූතින් වාර්තා වූ ආසාදිතයින් අතරින් 41 දෙනෙකුම වාර්තා වන්නේ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙනි. වැලිකඩ බන්ධනාගාරයෙන් ද ගතවූ පැය 24 දී එක් ආසාදිතයෙකු වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.