චම්පිකගේ මාධ්‍ය ලේකම් දනුෂ්කව CIDට කැඳවයි

ඉන්දික ශ්‍රී අරවින්ද

රජය අපහසුතාවයට පත්වන අයුරින් ආන්දෝලනාත්මක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරිම සම්බන්ධයෙන් පැය 4 කට ආසන්න කාලයක් එහිදී ධනුෂ්ක රාමනායක මහතාගෙන් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මුදාහැර ඇත.

ප්‍රශ්න කිරීම සඳහා චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවට අද කැදවා තිබිණි. එම ප්‍රශ්ණ කිරීම ඉහළින් කරණු ලැබූ පැමිණිල්ලකට අනුව සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහභාගී වූ මෙම අවස්ථාව ඡායාරූප ගැනීමක් සිදුනොකළ යුතු අවස්ථාවක් ලෙසට ආරක්ෂක අංශ දැනුවත් කර තිබු බැවින් මෙය කෙසේද සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහරිනු ලැබුවේ කවුරුන්ද යන්න පිළිබඳව දිගටම විමර්ෂණය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාමනායක මහතාට දැනුම් දී ඇත.

මෙහිදී තමන් මෙම ඡායාරුපය වෙනත් සමාජ මාධ්‍යයකින් උපුටාගෙන තම මුහුණු පොතේ පලකළ බවට ප්‍රකාශ කර ඇති අතර එය ඉවත් කරන ලෙසට ඉල්ලීමක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ.

රාමනායක මහතාගේ ජංගම දුරකථනයේ දත්තයන්හි පිටපතක් ලබාගත් එම දෙපාර්තමේන්තුව යළි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දීමෙන් අනතුරුව මුදාහැර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස ධනුෂ්ක රාමනායක මහතා කැඳවා තිබුණි.

එකී පින්තූරය තමන් විසින් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් නොවන බවත් එය කිසියම් අයෙකුගේ සමාජ ජාල ගිණුමකින් උපුටා ගන්නා ලද්දක් බවත් ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.