මේ දිනවල මාරක රිය අනතුරුවල යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ ලංකාවේ දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වීමත් සමග පසුගිය දින කිහිප තුළ එම තත්ත්වයේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවය.
මේ අතර, ඊයේ (16) දිනයේ දී මිරිහාන පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ විජේරාම හන්දියේ දී මහරගම දෙසට ධාවනය වු ලංගම බස් රථයකට ඉස්සර කර යෑමට තැත්කළ යතුරුපැදියක් අනතුරට ලක්ව තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්විය. ඊයේ (16) සවස 5.35ට පමණ අනතුර සිදුව ඇති අතර, යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරළීමෙන් බස් රථයේ ගැටී අනතුර සිදු විය. අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 22 ක් හා 23ක් වු මතුගම හා වැලිමඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. අනතුර සම්බන්ධයෙන් බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ලංකාවේ දිනකට පුද්ගලයින් 7 – 8ක් ඊය අනතුරු වලින් මියගිය බවත් එය සීඝ්‍ර ලෙස පහත වැටුණත් නමුත් ඊයේ පෙරේදා සිට මාර්ගවල පුද්ගලයින් මියයෑම , තුවාල වීමේ ප්‍රවණතාවයක් දක්නටලැබෙන හෙයින් එය වැළක්වා ගැනීමට ජනතාවගේ සහය අවශ්‍ය බව ද අජිත් රෝහණ මහතා පැවසුවේය.
ලංකාවේ වසරකට 3000කට ආසන්න ප්‍රමාණයක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වෙයි. 20,000ක් පමණ තුවාල ලබන අතර මින් පුද්ගලයින් 15,000කට ආසන්න සංඛ්‍යාවක් ආබාධිත තත්ත්වයට පත්වෙන බව සංක්යය ලේඛණ දත්ත පේනවා දෙයි.