වෛශනී වෙල්රාජ්
කුරුණෑගල තැපැල් ස්ථානාධිපති කාර්යාලයෙන් තවත් කොරොන වෛරස් රෝගීන් 6 දෙනෙකු සොයාගෙන තිබේ.
තැපැල් ස්ථානාධිපති ජෙනරාල් රංජිත් ආරියරත්න කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ මෑතකදී සිදුකරන ලද PCR පරීක්ෂණවලින් අනතුරුව රෝගීන් හය දෙනා හඳුනාගෙන ඇති බවය.
ආසාදිත රෝගීන් අතර තැපැල් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු, රියදුරන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් වෙති. රංජිත් ආරියරත්න මහතා පැවසුවේ කුරුණගල තැපැල් ස්ථානාධිපති කාර්යාලයේ ප්‍රධාන ලිපිකරුවෙකු වෛරසය ආසාදනය වූ ප්‍රථමයා බවය.
අලුතෙන් හඳුනාගත් රෝගීන්ට මෙම ලිපිකරුගෙන් වෛරසය වැළඳී ඇති බවට සැක කෙරේ. නමුත් සෞඛ්‍ය බලධාරීන් සම්ප්‍රේෂණ ප්රභවය තවමත් නිශ්චය කර නොමැත. කුරුණෑගල තැපැල් ස්ථානාධිපති කාර්යාලය අද සිට තාවකාලිකව වසා දමා ඇති බව ආරියරත්න මහතා පැවසීය.
ආසාදිත පුද්ගලයින් ඇසුරු කල ප්‍රදේශයේ තැපැල් කාර්යාල ගණනාවක් ද තාවකාලිකව වසා දමා ඇත.