කෝවිඩ් අසාදිත මුස්ලිම් මරණ තලෙයිමන්නාරමේ භූමදාන කිරීමට යෝජනාවක්

ඊශ්වරන් රත්නම්

කොරෝනා වෛරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මල සිරුරු තලෙයිමන්නාමේ භූමදාන කිරීමට යෝජනා වී ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.

මතු කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් තලෙයිමන්නාරම් දූපත ආරක්ෂිතම විකල්පය ලෙස යෝජනා කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය විසින් මේ පිළිබඳව සාකච්ඡා කළ විට කැබිනට් අමාත්‍යවරුන් බොහෝ දෙනෙක් මෙම යෝජනාවට එකඟ වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා අසදිතව මිය යන මුස්ලිම් දේහය කොළඹ ප්‍රධාන මුස්ලිම් සුසාන භූමියේ භූමදාන කිරීමට මුලින් යෝජනාවක් ඉදිරිපත් කළ බව ද ඩේලි මිරර් වාර්තා කරයි.

කෙසේ වෙතත්, බොහෝ ඇමතිවරු එය අවදානමක් ඇති කළ හැකි බව පැවසීමත් සමඟ එම අදහස ප්‍රතික්ෂේප වී ඇත. පසුව තලෙයිමන්නාර් ප්‍රධාන වශයෙන් වියළි ඉඩම් සහිත දූපතක් බැවින් එය සලකා බැලිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් විය.

සෞඛ්‍ය කමිටුවක් විසින් මේ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත් මෙම පියවර ඉදිරියට ගෙන යාමට රජය තීරණය කරන්නේ සෞක්‍ය උපදෙස් සහ ඔවුන්ගේ අනුමැතිය අනුව බවත් ඩේලි මිරර් පවසයි. සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ දේහය වළලනු ලැබුවහොත් අධික වර්ෂාවක් ඇත්නම් වෛරසය නැවත මතු වී වෙනත් පුද්ගලයින් වෙත පැතිර යා හැකි බවය.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ බොහෝ කැබිනට් අමාත්‍යවරුන්ට තලෙයිමාන්නර් දූපතක් හා වැඩි වශයෙන් වියළි භූමියක් බැවින් එයට විරුද්ධත්වයක් පල කර නොමැති බවය. එමෙන්ම මුස්ලිම් අසාදිත මරණ භූමදානය කිරීමට අවසර දෙන ලෙස රජයට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ද බලපෑම් එල්ල වෙමින් තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.