ප්‍රාඩෝ රථයේ රු.ලක්ෂ 90ක කේරළ ගංජා

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ අද(16) වනසිදුකල මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 90 ක් වටිනා කේරල ගංජා කිලෝ 30 ක් සමග එක් සැකකරුවකු උතුරු මැද සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය කිලිනොච්චි ප්‍රදේශයේ සිට වලස්මුල්ල දක්වා සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අතර එම රථයේ පිටුපස විශේෂයෙන් සකසන ලද බංකරයක් තුළ සගවා තිබියදී සොයාගෙන ඇත.

එම කේරල ගංජා තොගය සහ ප්‍රාඩෝ රථය හෙට(17) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.