ඉන්දික ශ්‍රී අරවින්ද
covid – 19 වෛරසය ආසාදනය වීමෙන් සිදුවන අයගේ මෘත ශරීර බහාලීම සඳහා අවශ්‍ය කරන මළ සිරුරු බහලුම් කවර (Body bags) රෝහල් තුළම නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම මළ සිරුරු බහලුම් කවර (Body bags) දේශීයව නිෂ්පාදනය කිරීම ලාභදායික බවත් මෙහිදී එක් කවරයක් සඳහා වැයවන්නේ රු.450 ක මුදලක් පමණක් බවයි.
මෙයට පෙරදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රදානයක් ලෙස මෙම මළ සිරුරු බහලුම් කවර (Body bags) සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබුණු බවත් එම බහලුම් අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය අයගේ දේහයන් භූමදානය කිරීම සඳහා භාවිතා කරණු ලැබිය.
එහෙත් මෙම කාලය තුළ දී මළ සිරුරු බහලුම් කවර (Body bags) සඳහා වැඩි ඉල්ලුමක් ලෝකය තුළ පවතින බැවින් එම බහලුම් කවර (Body bags) සපයා ගැනීම අසීරු කාර්යක් වී ඇත. එබැවින් මෙරට ප්‍රධාන රෝහල්හි දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇතැයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
තවද මෙම මළ සිරුරු බහලුම් කවර (Body bags) ලබා ගැනීම සඳහා කිසිඳු අවස්ථාවක ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් තමා දැනුවත්ව සිදුකර නොමැති බව අප කළ විමසුමකදී ඔහු අවධාරණය කළේය.
මේ අතර සෞඛ්‍ය අමාතංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙයට පෙරදී ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය (ICRC) හරහා මළ සිරුරු බහලුම් කවර (Body bags) 1000 ක් ලබා ගැනීමට ගත් උත්සාහය රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වීම නිසා එම සංවිධානය එය ලබා නොදුන් බවයි.