බයිලා ගීත ලොවේ අතිශය ජනප්‍රිය පෝල් අභාවප්‍රාප්ත වෙයි

මෙරට බයිලා ගීත ලොවේ අතිශය ජනප්‍රිය ගායකයෙකු වූ ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.

වේග රිද්ම ගායකයෙකු ලෙස ප්‍රකට පෝල් ප්‍රනාන්දු මහතා “සඳ පාන වගේ”, “ගොලු හදවත විවර කරන්න”, “ආවේ වන බඹරෙක් වාගේ” වැනි රසික හදවත් දිනාගත් ගීත රැසකටම ගායනයෙන් දායක විය. සුපුන් සදක් අහසෙ පාවුණා, ගොළු හදවත විවර කරන්න, එගොඩ ගොඩේ මල් නෙළනා, ඔබෙ රුව දිලිසිලා වැනි ජනප්‍රිය ගීත රාශියක් ගායනා කරමින් ශ්‍රාවක හදවත් දිනා ගැනීමට පෝල් ප්‍රනාන්දු මහතා සමත් විය.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අදාළ පරික්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය තීරණය කරන බව ගායක ගායිකා සංගමයේ අනුශාසක කීර්ති පැස්කුවෙල් මහතා පැවසීය.

බයිලා ගායනයෙන් සුවිශේෂී දස්කම් පෑ ඒ මහතා මියයන විට 68වන විය. පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත ය.

1969 වසරේදී ටැලන්ට් සික්සි නයින්ට් ගායන තරගයේ ජයග්‍රහණය ලබමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි පෝල් ප්‍රනාන්දු දශක ගණනාවක් එක ලෙස සිය ජනප්‍රියත්වය පවත්වා ගැනීමට සමත් විය. 1951 වසරේ නොවැම්බර් 24 වනදා මොරටුවේදී උපත ලැබූ ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි සිසුවෙකි.

  • අශ්වරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.