ඉන්දික ශ්‍රී අරවින්ද
තමාව පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මිය පවසයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බව සමඟි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතුව ඩයනා ගමගේ මහත්මිය වෙත යොමුකළ ලිපියේ සඳහන් කර ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂව ඡන්දය ප්රකාශකිරිමට සමගි ජන බලවේගය ගත් ඒකමතික තීන්දුවට ඇය අවනත වී නොමැති බවය.
කෙසේ වෙතත් Colombo Gazette අප කල විමසීමට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ තමන්ට මේ වන විට ලියුමක් ලැබී ඇති බවය. පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නවාද යන්න පිළිබදවද අප කළ විමසුමට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ තමන් තවමත් සමගි ජන බලවේගයේ සාමාජිකාවක් බැවින් එසේද කළ නොහැකි බවය.
එබැවින් සමගි ජන බලවේගය පක්ෂයේ කීර්ති නාමය හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට අවශ්‍ය බව තමා තීරණය කළ බවත් පක්ෂයේ සභාපතිවරයා ලෙස තමාට සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ලැබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපියේ සඳහන් කර ඇත.