ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීමට අවසථාවක්

කොවිඩ් 19 දෙවැනි රැල්ලේ ව්‍යාප්තියත් සමග කල් දැමුණු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වූ අතර පාසල්වලට අදාළ ප‍්‍රතිඵල ලේඛන ඉදිරියේදී තැපැල් කිරීමට නියමිත බවත් කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබද නැවත පරීක්‍ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් අභියාචනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම් දීමට නියමිත බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සෞක්‍ය අමාත්‍යංශය ලබා දුන් මාර්ගෝපදේශ යටතේ කොවිඩ් 19 වසංගතය මැද සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙවර පැවැත්වීමට සිදු විය. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කර තිබූ අතර මෙවර 2020 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 200ම ලැබූ ශිෂ්‍ය පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

ඒ අනුව සිසුන් 06 දෙනෙකු සහ සිසුවියන් 04 දෙනෙකු ලකුණු 200/200ය ලබා ගැනීමට සමත්ව ඇත. ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා කරුණාතිලක, ඉංගිරිය සුමන ජෝති විද්‍යාලයේ දෙවුලි යසස්මි තිලකරත්න, ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ යෙහාරා යෙත්මිනි ඈපා යන සිසුවියන් ලකුණු දෙසීයම ලබා ගැනීමට සමත්ව තිබේ.

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදු චිරන්දිත්, මරදාන සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ්, පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජ මනුමිත , තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන්, බණ්ඩාරගම ජාතික පාසලේ හිනුධ සස්මිත ගුණතිලක, නැගෙනහිර ඇරැව්වල ධර්මපාල මාහ විද්‍යාලයේ අකුරැස්ස හේවගේ සිහත් සන්ධිනු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු දෙසීයම ලබාගෙන තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා දරු දැරියන් තුන්ලක්ෂ 31,741 ක් අයදුම් කර තිබූ අතර තුන් ලක්ෂ 26,264 දෙනෙක් විභාගයට පෙනි සිටියේය. කඩඉම් ලකුණු යටතේ සිංහල මාධ්‍ය ඉහළම ලකුණු සංඛ්‍යාව වන 169 දිස්ත්‍රික්ක 09 කට වෙන් වී තිබේ. අඩුම කඩඉම් ලකුණ සංඛ්‍යාව වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා වෙන් කර ඇති අතර එය 157කි. දෙමල මාධ්‍ය ඉහළම කඩඉම් ලකුණ 162 ක් වන අතර අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව 155ක් වේ.

එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකිය. අදාළ විභාග ප‍්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක්ද ලබා ගැනීමට පහසුකම් ද සලසා ඇත.

කඩඉම් ලකුණු මෙසේයි. වව්නියාව – 157, නුවරඑළිය – 161, හම්බන්තොට – 164, මුලතිව් – 157, අම්පාර – 162, ත්‍රිකුණාමලය – 161, පුත්තලම – 163, අනුරාධපුරය – 163, පොළොන්නරුව – 163, බදුල්ල – 163
මොනරාගල – 162, රත්නපුර – 165කි.

මෙවර ශිෂ්‍යාධාර ලබා දෙන සිසුන් සංඛ්‍යාව 20,000ක් වන අතර ඉන් ශිෂ්‍යත්ව 250 ක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් කර තිබිණි. මේ අතර සියලූම විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සදහා දැනටමත් ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කර අදාළ පාසලේ විභාග ප‍්‍රතිඵල ලේඛනද බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමටද පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රතිඵල අනුව 2020 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙසීයක් ලබාගත් සුපිරි හපනෙකු වූ දැරියක් පිළිබඳව තොරතුරු වාර්තාවන්නේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයෙනි. ඇය ගාල්ල වටරැක ප්‍රදේශයේ පදිංචි සියති විතුම්සා සඳුන්දි කරුනාතිලක නමැති දියණියි. ඇයගේ මව සහ පියා දෙදෙනාම ව්‍යාපාරිකයින් වන අතර එකම සොහොයුරා ගාල්ල මහින්ද විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.