ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 704 දෙනා අතරින් 541 දෙනෙකු ම වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ආශ්‍රිතයන් බොහෝ පිරිසක් මේ වනවිට හුදෙකළා කර ඇති ප්‍රදේශ සහ අද උදෑසන 5 සිට හුදෙකළා කරන ලද ප්‍රදේශවලින් වාර්තාවීම ද විශේෂත්වයක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
මෙම ආසාදිතයන් අතරින්ද වැඩි පිරිසක් වාර්තාවන්නේ කොළඹ නගරසීමාව ආශ්රයෙනි. ඉන් අනෙකුත් ප්‍රදේශවලට වෛරසය පැතිර යාම වැළක්වීමට මෙලෙස පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තැබීමට පියවර ගත් බව ද හමුදාපතිවරයා සඳහන් කරයි.
ප්‍රදේශ හුදෙකළා කර ඇත්තේ කෙටි කාලීනව බවත් ඒ අනුව අදාළ ප්‍රදේශ හුදෙකළා කර තැබෙන කාලසීමාව පිළිබඳව, අදාළ ප්‍රදේශයන්හි ආශ්‍රිතයන් වාර්තාවන ආකාරයට තීරණය කෙරෙන බවත් එසේම හුදෙකළා කර ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සෞඛ්‍ය අංශවල දැඩි අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමට අවසර හිමිවනු ඇති බවද හමුදාපතිවරයා සදහන් කළේය.