මහනුවරට නව පාසලක් 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ  මහතාගේ සංකල්පයක් මත මහනුවර දිස්ත්‍රික්කයේ පාසලක් සදහා ඇති අවශ්‍යතාවත්, ඉල්ලුමත් පදනම් කර ගනිමින් අනාගත ලෝකයට  අවශ්‍ය ආකල්ප කුසලතා වර්ධනය කිරීමටත්  සමාජයේ යහපැවැත්ම සදහා  සමබර පෞර්ෂය යුතු දරුවන් බිහිකිරීමට සමත් අංග සම්පුර්ණ පාසලක් නිර්මාණය  කිරීම  සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (13) පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නාගරික සංකීර්ණකත්වයෙන් මිදී නිදහස් පරිසරයක් තුල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක් සළසාදීම මගින් දරුවා කායික මෙන්ම මානසික වශයෙන් පූර්ණ දරුවෙක් වශයෙන් සමාජගත කිරීම මෙම නව පාසල මහනුවර නගර සීමාවෙන් ප්‍රදේශයක ඉදිකිරීම මගින් බලාපොරොත්තු වන බව මෙහිදී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පළාත් අධ්‍යාපන ලේකම් නන්දන ගලබොඩ මහතා විසින් සදහන් කර සිටියේය.

සෑම දරුවෙකුටම හොද අධ්‍යාපනයක් ලබාගැනීම සදහා අයිතියක් පවතින බවත් එම අයිතිය සුරක්ෂිත කිරීම සමාජයේ සෑම වැඩිහිටියෙකුගේම වගකීමක් බව මෙහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය. මහනුවර නගර සීමාව තුල වායූ දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් වැඩපිලිවෙලක් සැලසුම් කරමින් පවතින බවත්, නව පාසල මහනුවර නගරයෙන් ඔබ්බටව ඉදිකිරීමට සැලසුම් කර තිබුනද නිසි ප්‍රමිතියකින් යුක්තව පොත පත දැනුම මෙන්ම ක්‍රීඩා සහ විශය බාහිර ක්‍රියාකරකම් යෝජිත පාසලේ අධ්‍යාපන ලබන දරුවන්  සදහා නිරතවීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කර සිටියයේය.

එමෙන්ම පසුගිය කාලය තුල අත්දැකීම් අනුව සමහර ව්‍යාපෘතීන් අතර මගදී නැවතීමට හෝ මන්දගාමි වන්නේ නිසි සැලසුම් නොමැතිව එකී ව්‍යාපෘතීන් ආරම්භ කිරීම බවත්, එම නිසා මෙම පාසැල නිර්මාණයේදී වඩාත් සංවිධානාත්මකව සැලසුම් සකස් කල යුතු බවද අවධාරණය කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පය යථාර්තයක් කරමින් පළාතේ දරුවන්ගේ නැණස පෑදීමේ වගකීම කඩිනමින් ඉටු කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් සක්‍යතා අධ්‍යනයක් සිදුකර එමගින් වඩා සාර්ථක හා යුගයට අවශ්‍ය පාසලක් නිර්මාණය සදහා මධ්‍යම පළාත් සභාව මුලික වන බව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා සදහන් කර සිටියේය. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද  මෙම සාකච්ඡාව සදහා එක් ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.