ඉන්දික ශ්‍රී අරවින්ද
ජාත්‍යන්තරව පිළිගත් නව තාක්ෂණික ක්‍රමවේදයක් හරහා මුල්‍ය ආයතනවලින් ණය ලබා නොගත් පුදගලයින් සහ ආයතන ද ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ් – CRIB ) දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පවසයි.
ඒ අනුව ලබන වසරේ සිට ජංගම දුරකථන බිල්පත්,ස්ථාවර දුරකථන බිල්පත්,ජල බිල්පත් මෙන්ම විදුලි බිල්පත් ගෙවන පුද්ගලයින් සහ ආයතනද මෙම පද්ධතියට ඇතුළත් වෙන බව එම කාර්යාංශයේ අධ්යක්ෂ සාමාන්‍යධිකාරී නන්දි ඇන්තනි මහතා ප්‍රකාශ කළේ.
තාක්ෂණයෙන් ඉහළ මට්ටමක පවතින මෙම ක්‍රමවේදය තුළින් 250 සිට 900 දක්වා වූ ලකුණු ප්‍රතිශතයක් එම පුද්ගලයින්ට හෝ ආයතනවලට හිමිවෙයි.
මෙහිදී එම ණය ආයතනවලින් ලබා ගත් ණය මුදල් හෝ බිල්පත් නිසි පරිදි ගෙවාගෙන යන්නේ නම් ලකුණු මට්ටම ඉහළ යන අතර ණය ගෙවීම් පැහැර හරිනේ නම් අඩු ලකුණු ප්‍රමාණයක් හිමි වෙනු ඇත.
ඒ අනුව ඉහළ ලකුණු මට්ටමක පවත්වාගෙන යනු ලබන අයට අඩු පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීමටත්,ලකුණු මට්ටම අඩුවෙන් පවත්වාගෙන යන අයට වැඩි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීමටත් අදාල ණය දෙන ආයතන සඳහා නිර්දේශ කෙරෙන බව නන්දි ඇන්තනි මහතා පැවසිය.
මෙරට පුද්ගලයින් ලක්ෂ 80 කට වැඩි පිරිසක් සහ ආයතන ලක්ෂ 3 කට වැඩි ප්‍රමාණයක් මුල්‍ය අයතතනවලින් ණය ලබාගෙන තිබේ.
එයින් සියයට 95% ක් නියමිත පරිදි ණය ගෙවීම් සිදු කරන අතර සියයට 5% ක් ණය ගෙවීම් පැහැර හැර ඇති සිදුකල සමීක්ෂණයකදී හෙළි වී ඇත.
එම පුද්ගලයින් මෙන්ම ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන බැංකු,ෆිනෑන්ස්, ඇතුළු ලීසිං ආයතනයකින් යම් කිසි ණය මුදලක් ලබාගෙන ඇති බව මෙම කාර්යාංශයේ සටහන් වී ඇත.
මෙහිදී ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ් – CRIB) වාර්තාවල නම සටහන්වීම හේතුවෙන් යම් කිසි මූල්‍ය ආයතනයක් ණය ලබා නොදන්නේ නම් එය අදාළ මුල්‍ය ආයතනයේ වැරද්දක් බව ඇන්තනි මහතාඅවධාරණය කරයි.
එසේම ණය තොරතුරු කාර්යාංශය මගින් ණය නොගෙවීම හේතුවෙන් කිසිදු පුද්ගලයකු අසාදු ලේඛනගත නොකරන බවද එම කාර්යාංශයේ අධ්යක්ෂ සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනී මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. (Colombo Gazette)