ලංගම සහ දුම්රිය හුදකලා ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනයට

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ඔවුන් පවසන්නේ වසා දමා ඇති ප්‍රදේශවල බස් රථ නැවැත්වීම සිදුනොකර බස් ධාවනය වන බවය.

එමෙන්ම හෙට (16) සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හුදකලා කර ඇති ප්‍රදේශයන් හී දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන අතර හුදකලා කර ඇති ස්ථාන අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් සියළුම දුම්රියන් නැවැත්වීමට සහ ගමන් ආරම්භ කිරීම සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරිය සිය නිවේදනයෙන් පැහැදිලි කර ඇත.

හෙට (16) අලුයම සිට හුදකලා ප්‍රදේශ බවට පත්වන කොටුව, පිටකොටුව යන ප්‍රදේශ හරහා මගී ජනතාවට ගමන් කිරීමේ ගැටලුවක් නොමැති බව පොලිසිය පවසයි. වෙනත් ප්‍රදේශයක සිට පැමිණෙන පුද්ගලයෙකුට පිටකොටුව ප්‍රදේශය හරහා බස් රථයකින් හෝ දුම්රියකින් වෙනත් ගමනාන්තයක් වෙත ගමන් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.