බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලුම බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

හෙට (16) පෙරවරු 8.00 වනවිට ඔවුන් සියලුදෙනාම සිය ආයතනවලට වාර්තා කළයුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

එමෙන්ම කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 171 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව කොවිඩ් වෛරසය වැළඳී මෙරටදී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 11,495ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.