සමාජ දුරස්ථභාවයක් නොමැති බවට මගීන් විසින් සිදු කල පැමිණිල්ලකට අනුව පොලිසිය අදාළ බස් රථයේ කොන්දොස්තර සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොළඹ සිට මතුගම දක්වා ධාවනය වන බස් රථයක් සම්බන්ධයෙන් මෙලෙස පැමිණිල්ලක් ලැබුණු බවය.
ඒ අනුව මඟින් පානදුර පොලිසියට පැමිණිලි කර ඇත. රියදුරු සහ කොන්දොස්තරවරයා නිරෝධායන නීති උල්ලංගනය කර ඇති බවට වීඩියෝ සාක්ෂි මඟින් හෙළි වී ඇත. එමෙන්ම ඔක්තෝබර් 30 සිට මුහුණු ආවරණ පැළඳීමට හෝ ප්‍රසිද්ධියේ සමාජ දුරස්ථභාවය සහතික කිරීමට අපොහොසත් වූ පුද්ගලයින් 221 දෙනෙකු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය නොකර ධාවනය කරන බස්රථ සොයා දිවයින පුරා වැටලීම් සිදුකිරීමට සැළසුම්කර ඇත. ඒ අනුව එම වැඩපිළිවෙල ලබන සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව අප කල විමසීමට පිළිතුරු දෙමින් දිලුම් අමුණුගම මහතා පැවසීය.
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද කඩකරමින් මගී ප්‍රවාහනය කළ බස්රථ 05ක මාර්ග බලපත්‍ර අහෝසි කිරීමට ද මේ වනවිට කටයුතු කර ඇත.