ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි අනුගමනය කරන බවට දිනේෂ්ගෙන් ප්‍රකාශයක්

සංවර්ධනය වෙමින් පවතින රටවලට තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධා පමුණුවන බහුවිධ අභියෝග ජය ගැනීම සඳහා ශක්තිය දෙමින්, සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දීමේ වැදගත්කම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි

මෙම වසංගතය සහ වෙළඳාම, සංචාරක කටයුතු, ආයෝජන සහ සේවා නියුක්තිය කෙරෙහි එහි අහිතකර බලපෑම් හේතුවෙන් උග්‍ර වූ ගෝලීය තත්වය පිළිබඳ සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමට බාධා වන බහුවිධ අභියෝග ජය ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකිවන පරිදි සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දෙන ලෙස 77 කණ්ඩායම කළ ඉල්ලීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යළි අවධාරණය කළේය.

77 කණ්ඩායමේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ හතලිස් හතරවැනි වාර්ෂික රැස්වීම, ගයානා සාමූහික ජනරජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා දින අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි. “ප්‍රධාන ප්‍රමුඛතා ගැටළු හා කොවිඩ්-19 වසංගතය සඳහා ගෝලීය ප්‍රතිචාරය සහ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට හා තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින බාධක” යන තේමාව යටතේ මෙම අන්තර. ක්‍රියාකාරී සංවාදය පැවැත්විණි.

වීඩියෝ ප්‍රකාශයක් මඟින්, අමාත්‍ය ගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී, ජී-77 හි අරමුණු සඳහා තවදුරටත් කැපවීමට ශ්‍රී ලංකාවට විශ්වාසය ලබා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් එතුමාට ලබා දී ඇති ප්‍රබල ජනවරම පිළිබඳව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ හා ප්‍රගතියේ වර්තමාන තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කිරීම තුළින්, තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබිඹු වන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින සියලුම ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික ගැටලු හා සාමූහික අවශ්‍යතා ප්‍රකාශ කිරීම සහ සංවර්ධනය සඳහා දකුණු-දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම කණ්ඩායම විසින් සපයන ලද වේදිකාව පිළිබඳව විදේශ අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය. දකුණු-දකුණු සහයෝගීතාවයට සහයෝගය ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) හිටපු මහලේකම් ආචාර්ය ගාමිණී කොරෙයා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයින්ගෙන් ලද මුල් දායකත්වය ද එතුමා සිහිපත් කළේය.

ප්‍රධාන දේශනය කළ ගයානා හි ජනාධිපති ආචාර්ය මොහොමඩ් ඉර්ෆාන් අලි මහතා හට, අමාත්‍ය ගුණවර්ධන මහතා කණ්ඩායමට ලබා දෙන නායකත්වය පිළිබඳව ප්‍රශංසා කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසියේ සභාපති වොල්කන් බොස්කීර් මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ද රැස්වීම ඇමතූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.