වෛද්‍ය ජයරුවන් තනතුරින් ඉවතට

ඉන්දික ශ්‍රී අරවින්ද

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇත.

වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතා කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමාව එම තනතුරෙන් ඉවත් කර ඇති බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර ඇති බැවින් තවදුරටත් එම ධුරය දැරීමට අවශ්‍ය නොවන බව තමාට දන්වා ඇති බවත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරියේදී මාධ්‍ය විමසීම් සිදුකරන බවත් ඔහු පැවසීය.

ඔහු ඉවත් කිරීම සිදුවන්නේ කොරෝනා නිසා මිය යන මුස්ලිම් දේහය භූමදාන කිරීමට කිසිදු පියවරක් නොමැති බවට ඔහු මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව ය.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමා දරන අනෙක් තනතුරුවලින් ද ඔහුව ඉවත් කිරීමට පියවරක් ගෙන ඇති බව තමාට හැඟෙන බව ද ඔහු පැවසීය. පසුගිය සති කිහිපය තුළ තමාට අයුතු ලෙස සැලකූ බවද වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල ධුරය ඔහුට හිමිවුයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.