බන්ධනාගාර කොරෝනා පොකුර ඉහළට

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ F වාට්ටුවේ රදවා සිටි රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත. ඒ අනුව අද දින ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වු රැදවියන් 44 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරණ බවත් පි.සි.ආර් පරික්ෂණවලදි කොරෝනා වෛරසය ආසාදනය නොවු බන්ධනාගාර නිලධාරින් දින 14 නිරෝධායනයට ලක් කිරිමට පියවරගන්නා බවද ප්‍රාදේශීය වසංගත අංශය පවසයි.

බෝගම්බර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 80 ක් සහ කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 දෙනෙකු කොවිඩ් 19 අසාදනය වී තිබේ. ඒ අනුව නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රැඳවියන් 94 දෙනෙකු බන්ධනාගාර දෙකකින් හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ආසාදිතයින් පිරිස ද සමග බන්ධනාගාරයෙන් වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 329ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.