
කොළඹ සහ සදාසන්න ප්‍රදේශයන්හි ඇති මාර්ග සංඥා පුවරු අසල මෙම යාචකයින් බහුලව සිටින බවටයි තොරතුරු වාර්තා වේ. ඇතැම් යාචකයින් සැබෑ යාචකයින් නොවන අතර බොහෝ පිරිස් වෘත්තියක් වශයෙන් සිගමන් යැදීම සිදුකරනු ලබයි.
මෙම යාචකයින්ව කිසියම් ව්‍යාපාරිකයින් විසින් මෙහෙයවනු බවටත් තොරතුරු ලැබී ඇතැයි අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මෙහිදී සැබෑ යාචකයින් හඳුනාගෙන ඔවුන්ව සමාජසේවා දෙපාර්තමේන්තුව හරහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙන යොමු කිරීමට බලාපොරොත්තු වෙයි.
සිගමන් යැදීම වෘත්තියක් ලෙස සිදුකෙරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ජාතික මංමාවත් පණත යටතේ සහ මුදල් අපරාධ නිතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. (Colombo Gazette)