යාපනය, වඩුක්කොඩෙයි, සුළිපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සහ 56 හැවිරිදි දෙදෙනෙකි
දෙපිරිසක් අතර කළක සිට පැවති ආරවුලක් දුරදිගයාමෙන් ඊයේ රාත්‍රි මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.
ඝාතනය සිදුවූ අවස්ථාවේ ආරවුල සඳහා පුද්ගලයින් 15ක පමණ පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වඩුක්කොඩෙයි පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව සදහන් වේ. (Colombo Gazette)