කොවිඩ්-19 හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඉකුත් දින 5 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තා වී ඇති බවය.
කොවිඩ් රොගීන් වාර්තාවන ආකාරය අනුව කොළඹ සම්බන්ධයෙන් ඉතා පැහැදිළි පණිවුඩයක් ලබා දෙන බවත් ගම්පහ පැවති තර්ජනය සහ අවදානම අද කොළඹට අවතීර්ණ වී ඇති බව හරිත මහතා පෙන්වා දෙයි.
විශේෂයෙන් කොළඹ නගර සභා සීමාව තුළ පසුගිය දින කිහිපය තුළ දෛනිකව රෝගීන් 200කට වැඩි ගණනක් වාර්තාවෙන ස්වභාවයක් අපි දැක්කා. විශේෂයෙන් අලුත් අවදානම් ස්ථාන පිළිබඳ අපේ අවධානය යොමු වෙමින් තියෙනවා. ඉදිකිරීම් ස්ථාන පිළිබඳ විශේෂ අවදානමක් මතුවෙලා තියෙනවා. මේක බැරෑරුම්ව සැළකිය යුතු තත්ත්වයක්.” යනුවෙන් ද සඳහන් කළේය.