#5differentlookchallenge රැල්ල හරහා ඡායාරූප සයිබර් අපරාධකරුවන් අතට

ඉන්දික ශ්‍රී අරවින්ද

මේ දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අඩවිවල සිටින පරිශීලකයන් අතර #5differentlookchallenge නම් තමන්ගේ ඡායාරූප පළකරන අභියෝගයක් ලැව් ගින්නක් සේ පැතිර යන අතර එය අවධානම් තත්වයක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇත.

යම් සමාජ මාධ්‍ය පරිශිලකයෙක් ඡායාරූප කිහිපයක් ඉහත සදහන් ටැගය යටතේ ෆේස්බුක්හි පළකලවිට එම පොස්ටුවෙහි පෞද්ගලිකත්ව සැකසුම්ව පවතින්නේ පොදු (public) වශයෙන් නම් පොස්ටුව පළකිරීමේදී යොදාගත් ටැගය හරහා එම සමාජ මාධ්‍ය පරිශිලකයාගේ ගිණුමෙන් පරිබාහිර පිටස්තර පුද්ගලයන්ට පවා එම පොස්ටුවෙහි අඩංගු ඡායාරූප නැරඹීමේ හැකියාවක් පවතී.

එහෙත් මෙවැනි සමාජ මාධ්‍ය තුළට පැමිණෙන නව ප්‍රවනතා හදුනාගනිමින් දත්ත එක්රැස් කිරීම් සිදුකරන කන්ඩායම් හා සයිබර් අපරාධ කරුවන් විසින් ඉතා පහසුවෙන් මෙම ටැගයන් භාවිතා කරමින් ෆේස්බුක් වෙත පොදු (public) ආකාරයට මුදාහරින ලද ඡායාරූප රැස්කොට ගබඩාකර තබගැනීමක් සිදුකළ හැකිය.

මෙලෙස සයිබර් අපරාධ කරුවන් විසින් රැස් කරගනු ලබන ඡායාරූප පසුකාලීනව ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නිර්මාණය සදහා මෙන්ම විවිධ වූ වෙබ් අඩවි සදහාද එක්කල හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.

මෙවැනි ටැගයන් යටතේ ෆේස්බුක් පරිශිලකයන්ගේ ඡායාරූප හුවමාරු කරගැනීමට යාමේදී එම පොස්ටුව පරිශීලක ඔබගේ මිතුරන්ට පමණක් නැරබීමට හැකි ලෙස පෞද්ගලිකත්ව සැකසුම් සකස්කොට හුවමාරු කරගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් මගින් ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.