කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග සහ අනෙකුත් රටවල සිරවී සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල රජය විසින් සකස් කර ඇත. පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්විය යුතු වේ.
මෙය සැලසුම් සහගතව සිදුවන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
ඒ අනුව ඔවුන් කාණ්ඩ වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය. විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වාගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය ඔක්තෝබර් 12 වන දා සිටි අත්හිටුවනු ලැබීය.
රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබු අතර, නිරෝධායන මධ්‍යස්ථාන සහ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල පවතින ඉඩකඩ සීමා වීම මෙයට තවත් හේතුවක් වී තිබුණි.