බස්නාහිර ආසාදිතයින් 10,000 ඉක්මවයි

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන බස්නාහිර පළාත තුළ අද වන විට 10,045ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (12) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 373 දෙනා අතරින් 271ක් දෙනෙක් කොළඹින් වාර්තා විය. එයින් ආසාදිතයින් 230ක් කොළඹ නගර සීමාවෙනි.

මේ අතර අද (13) උදෑසන කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් මස 4 වන දින සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,640ක් වාර්තා වී ඇත.

ඊයේ වාර්තා වු ආසාදිතයින් අතරින් 46 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ද පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා හමු වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 4834ක් දක්වා ඉහළ ගොස් තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයින් ගණන 571කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.