වෛශනී වෙල්රාජ්
බන්ධනාගාර රැඳවියන් වැඩි දෙනෙක් අද වෛරසය ධනාත්මක වී ඇති බව වාර්තා වෙයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ බූස්ස බන්ධනාගාරයෙන් නව COVID-19 ආසාදිතයින් වාර්තා වී ඇති බවය.
මෙමඟින් වෛරසය වැළඳී ඇති රටේ විවිධ බන්ධනාගාරවල සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව 158 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම පිරිස අතර පිරිමි රැඳවියන් 65 ක්, කාන්තා රැඳවියන් 89 ක් සහ බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු සිටිති.
අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 277 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස් ඇත. නව ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. එමෙන්ම 470ක් සුවය ලැබීමත් සමග මෙරට රෝහල්ගත ආසාදිතයින් ගණන 4,928ක් වී ඇත.