2020 සඳහා විසර්ජන පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පනත් කෙටුම්පතට විරෝධය දැක්වුවත් මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
දමිළ ජාතික සන්ධානය පනත සම්මත කිරීම වර්ජනය කළේය. පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම සංශෝධන සහිත ඡන්දයකින් තොරව සම්මත වූ අතර තෙවන වර කියවීම ද සංශෝධන සහිතව සම්මත විය