ඩ්‍රෝන රෙජිමේන්තුවක්

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරිම සඳහා අද සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව අද දිනයේදී ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටවා ඇත. භුමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව විසින් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය

යුද්ධයක් අවසන් කළ රටක් වශයෙන් රට තුල ඇතිවන ආපදා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඉදිරියේදී මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් යුද හමුදාව සෑම අතකින්ම ශක්තිමත් කළ යුතු බවත් එම කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බව ද යුද හමුදාපතිවරයා පැවසීය

එමෙන්ම හුදෙකලා කොට ඇති ප්‍රදේශ යළි මුදවා හැරීම සිදුකරන තෙක් එම නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත් හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව තමන්ගේ නිවෙස් තුළ රැඳී නොසිට විවිධ සංචරණ සීමාවන් සිදුකෙරෙන් බවට තොරතුරු ලැබී ඇති බවත් මේ හේතුවෙන් එම සංචරණ කටයුතු සීමා පැනවීමට පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද සදහන් කළේය.

මෙලෙස සංචරණ කටයුතු සිදුකරන පුද්ගලයින් ගැන ඩ්‍රෝන යානා මගින් ලබා ගන්නා තොරතුරු මත විශේෂ ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.