ඉන්දික ශ්‍රී අරවින්ද
COVID-19 වලින් මියගිය පුද්ගලයින් සඳහා භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම නිර්දේශ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුකූල වන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.
කෝවිඩ් ආසාදිතව සිදුවන මරණ සඳහා අවසන් චාරිත්‍ර ඉටු කිරීමේදී සුළුතරයන්ගේ ආගමික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් එය ආරක්ෂා කළ යුතු බවත් එම ආයතනය රජයෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකාවේ විපක්ෂය සහ මුස්ලිම් ප්‍රජාව විසින් මේ සඳහා අවධානය යොමු කර ඇති අවස්ථාවකදි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ඉල්ලීම වන්නේ මුස්ලිම් ජාතික ප්‍රජාවේ ආගමික විශ්වාසයන්ට පටහැනිව කොවිඩ් ආසාදිත මරණ ආදාහනය සිදු නොකරන ලෙසයි.
කොවිඩ් ආසාදිතයන්ගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය නොවෙනස්ව පවතින නමුත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව එය සංශෝධනය කළ හැකි බව රජය පසුගිය දා නිවේදනය කළේය.
කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා Colombo Gazette වෙත පැවසුවේ මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා දුර බැහැර ප්‍රදේශයක වියළි කලාපයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් පර්යේෂණ හා තීරණ ගැනීමේ නිරතව සිටින සෞඛ්‍ය බලධාරීන් විසිනි.