අශන්ති වරුනසුරිය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් ලබාදුන් ණය සහනයට සමගාමීව පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින් ලබාගෙන ඇති පුද්ගලික ණය ගෙවීමේ කාලයද තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
අප කල විමසීමට අනුව පිළිතුරු දෙමින් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් යළි නගා සිටුවීම සඳහා රජය ලබාදුන් සහන ණය ගෙවීම තවත් මාස 06 කට ඉකුත්දා දීර්ඝ කෙරිණි.
පවතින කොරෝනා තත්ත්වය හමුවේ මූල්‍ය නොවන ආයතනවලින් ලබාගත් ණය සදහාද සහනයක් ලබාදීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය