බෝගම්බර විරෝධතාවයක. නිළධාරීන්ට නිවාඩු තහනම්

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ බන්ධනාගාරවල නිලධාරීන්ට එම බන්ධනාගාරවලින් සති දෙකක් පිටතට යාම තහනම් කර තිබේ. වැලිකඩ, වැලිකඩ කාන්තා, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවස්ථාව හිමි වන්නේ නැත. ඊයේ රාති‍්‍රය වනවිට බන්ධනාගාර ආශි‍්‍රත කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් ගණන 153 ක් දක්වා ඉහළ ගිය අතර බන්ධනාගාර 7ක රදවා සිටින රැුදවියන් 148 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකු ද ඒ අතර වේ.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ කොරෝනා රැදවියන් කන්දකාඩු ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කර ඇති අතර මින් ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදනය වන රැදවියන් කන්දකාඩු හෝ ගල්ලෑල්ල ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි තීරණය වී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තා රැදවියන් ප‍්‍රතිකාර සදහා ඇතුළත් කරනු ලබන්නේ වැලිකන්ද කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙතය. මෙතෙක් කොරෝනා ආසාදිත සියළු රැදවියන් වැලිකඩ බන්ධනාගාර රෝහල, පල්ලන්සේන සහ බෝගම්බර බන්ධනාගාරවල රදවා ඇත.

හිස් වූ වැලිකඩ බන්ධනාගාර රෝහල නිරෝධායනය සදහා යොමු කරන රැදවියන් ඇතුළත් කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මේ අතර බන්ධනාගාර නිලධාරීන් 25 දෙනෙකු නිරෝධානයට යොමු කර තිබේ.

එමෙන්ම බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එම බන්ධනාගාරය මේ වන විටත් බලධාරීන් විසින් වෙන්කර ඇත.

එහි රැඳවියන් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඉන් රැඳවියන් 30කට හා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. එවන් තත්ත්වයක් තුළ තමන්ට ද කොරෝනා ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින් බැවින් තමන්ට ඉක්මනින් පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙසත් එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසත් විරෝධාතාවයේ නිරත රැඳවියන් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.