අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන්, රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සමග දුරකථන සංවාද පවත්වා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සමග ඔහු මෙලෙස දුරකථන සංවාද පවත්වා ඇත. එමෙන්ම ඔවුනොවුන් මුණ ගැසී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව ඇත.
මෙම සංවාදයේදී ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයින් අතර ආරක්ෂක, ආර්ථික සහ සාමාජීය වශයෙන් වැදගත්වන කරුණු රැසක් සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සදහන් වේ.