නව කොරෝනා ආසාදිතයින් 625ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 625කි. මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,858ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 15,340ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 10,183 වේ. අද වන විට රෝහල් ගතව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,110ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.