ISIS සාමාජිකයන් ලංකාවට පැමිණ නැහැ – හමුදාපති

වෛශනී වෙල්රාජ්

අයිඑස්අයිඑස් සොල්දාදුවන් දුසිම් ගනනක් ශ්‍රී ලංකාවට ආපසු පැමිණ ඇති බවට පළ වූ වාර්තා හමුදාව ප්‍රතික්ෂේප කරයි. අයිඑස්අයිඑස් සොල්දාදුවන් පිරිසක් ශ්‍රී ලංකාවට ආපසු පැමිණි බව SUN පුවත්පත වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා SUN පුවත්පත ප්‍රකාශයට පත් කළ වාර්තාව ප්‍රතික්ෂේප කළේය.

එවැනි අයිසිස් සොල්දාදුවන්ට රට තුළට ඇතුළුවීමට ඉඩ නොදෙන බවද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය. පසුගිය වසරේ පාස්කු ඉරිදා දිනයේදී පුද්ගලයින් 321 දෙනෙකු ඝාතනය කළ ශ්‍රී ලංකාවේ බෝම්බ හෙලීමේ වගකීම අයිසිස් විසින් භාරගෙන ඇති බව SUN පුවත්පත සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

අමාක් ප්‍රවෘත්ති ඒජන්සිය කියා සිටියේ ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදීන් “ඉස්ලාමීය රාජ්‍යයේ සටන්කරුවන්” බවය. අයිඑස්අයිඑස් ක්‍රියාකාරී වී ඇති ස්ථානය සහ ලැයිස්තුගත රටවල් අතර ශ්‍රී ලංකාව සිටින බව දැක්වෙන සිතියමක් SUN පුවත්පත තවදුරටත් ප්‍රකාශයට පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.