කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කෙරුණු ප්‍රදේශවල වෙසෙන ජනතාවට හදිසි රෝගී තත්ත්වයන් ඇතිවුවහොත් ඒ සඳහා ගිලන්රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ගිලන්රථ සේවය – 0113422558
විශේෂයෙන් ලොක්ඩවුන් ප්‍රදේශවල හදිසි අවශ්‍යතාවයක් සිදු වුවහොත් දරුවෙකුගේ අසනීපයකට, ගර්භනී මාතාවන්ට කොවිඩ් නොවන රෝගයක් හෝ කොවිඩ් ඕනෑම දේකට සේවය සපයන්න මෙලෙස විශේෂ දුරකථන අංශයක් හඳුන්වා දී ඇති බව පොලිසිය පවසයි.
කොළඹ ආසන්නයේ සිටින අයට මෙන්ම සෙසු පළාත්වල ගිලන්රථයක් අවශ්‍ය නම් මෙම අංකය ඇමතිමෙන් මෙම සේවය ලබා ගත හැකිය.