කොළඹ මැනිං වෙළෙඳපොළ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සහය වීමට සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් සහභාගී කරවා ගැනීමට නියමිතය. බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් එහි සේවකයින් පිරිසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ නැවත වසා දැමීමට බලධාරීන් පියවර ගැනීමත් සමග එම තීරණය ගෙන තිබේ.
කොළඹ මැනිං වෙළෙඳපොළ වසා දැමීමට සිදුවීමත් සමග එළවළු ගොවීන්ට දැඩි දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුවිය. ඒ අනූව ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන්කර දීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනූව රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ආයතනයට අයත් භූමියක එම ස්ථානය ඉදිකිරීමට සැළසුම් කර ඇති අතර ලබන සඳුදා සිට එහි කටයුතු ආරම්භ වනු ඇත.
මැනිං පොදු වෙළෙඳපොළ ආශ්‍රිතව කවුරුන් හෝ පීසීආර් පරීක්ෂණ මෙතෙක් සිදුකර ගෙන නොමැති නම් කොළඹ මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිශාන්ත චන්ද්‍රසේකර මහතා, 0718591551 යන දුරකථන අංකයෙන් ඇමතිමෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර ගත හැකි ආකාරය පිළිබඳව විමසිය හැකිය.