අශන්ති වරුනසුරිය
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදවමින් මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් තරග බිමට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවරත් IPL ශුරතාව දිනා ගත්තේය.
ලොව ධනවත්ම ක්රිකට් ලීගය ලෙස සැලකෙන IPL තරගාවලියේ මෙවර අවසන් සටනට පිවිසුනේ IPL තරඟ ඉතිහාසයේ සාර්ථක කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් සහ කුළුදුල් IPL අවසන් තරඟයට එක්වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි. රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් සිව්වරක් IPL කුසලානයේ පහස විඳගත් මුම්බායි කණ්ඩායම අවසන් සටනට එක් විය. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙම තරඟයට පිවිසුනේ මෙවර තරඟාවලියේ ලාබාලතම නායකයා වුයේ ශ්රියස් අයියර්ය. ඒ අනුව අවසන් මහා තරඟය මුම්බායි කණ්ඩායම කඩුලු 05කින් ජය ගත්තේය.
මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් නායක ශ්රියස් අයියර් නොදැවී ලකුණු 65ක් රැස්කළ අතර ඔහු සමඟින් එක්වූ රිෂාබ් පාන්ට් ලකුණු 56ක් රැස්කමින් දිල්ලි ඉනිම ගොඩ නැගුවේය. දිල්ලි ඉනිමේ නියමිත පන්දුවාර 20 අවසන් වනවිට ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 07කට ලකුණු 156කි.
පන්දු යැවීමේදී ට්රේන්ට් බෝල්ට් කඩුලු 03ක් ද නේතන් කොල්ටර් නයිල් කඩුලු 02ක් බිද දැමීය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04කදී සිය ජයග්රාහී ඉලක්කය පසු කළේය.මුම්බායි පිල ජයග්රහණය සඳහා රැගෙන යාමට මූලික වූ රෝහිත් ශර්මා ලකුණු 68ක් රැස් කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 05වන වරටත් IPL ශූරතාවය දිනා ගත්තේය.