කොවිඩ් මරණ භූමදානය ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය

ඉන්දික ශ්‍රී අරවින්ද

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ මෘතදේහයන් භූමදානය කිරීමට අවසර ලබාදීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතික ජනතාවගේ මෘතදේහයන් භූමදානය කිරීමට අවසර ලබාදුන් බවට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය අසත්‍ය බවයි.

සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ලිපි ශීර්ෂය යටතේ එහි මහ ලේකම් අබ්දුල් රාසික් මහතා සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ මෘතදේහයන් භූමදානය කිරීමට රජය අවසර ලබා දී ඇති බවයි.

එහිදී එම තීරණය සම්බන්ධයෙන් රජයට තම සංවිධානයේ ස්තුතිය පළකර ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් (Colombo Gazette) කළ විමසීමකදී සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් මහතා ප්‍රකාශ කළේ ජමිය තුල්ලා උලමා සංවිධානය නිකුත් කර තිබු හඬ පටයක රජය විසින් එවැනි අවසර ලබාදීමක් ගැන සඳහන්ව තිබු බවත් එය පදනම් කරගෙන තම සංවිධානය නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බවයි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ මෘතදේහයන් භූමදානය දැනටමත් සිදු කෙරෙන බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් මහතා වැඩිදුරටත් පැවසිය.

එමෙන්ම කොරෝනා වෛරසයට ලක්ව මිය යන මුසලිම් වරුන්ගේ මෘත දේහ භුමිදාන කිරීම සම්බන්ධකයන් කැබිනට් මණ්ඩලය අනුමැතියක් ලබො දුන් බවට වැරැදි මතවාදයක් ඇතිව බවත් එසේ අනුමැතියක් හෝ අවසරයක් කැබිනට් මණඩලය ලබා නොදුන් බවත් ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඒ පිළිබදව ඒ සම්බන්ධ කරුණු සියල්ල සෞඛ්‍යමය හො තාක්ෂණික වශයෙන් තීන්දු ගන්නා කණ්ඩායමකට හෝ කණ්ඩායම් වලට යොමු කිරීමට බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.