අද සිට බලපැවැත්වෙන පරිදි සුදු සීනි කිලෝග්රෑමයක් සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව පැකට් කල සුදු සීනි කිලෝග්රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රු. 90කි.
පැකට් නොකළ සුදු සීනි කිලෝග්රෑමයක් විකිණිය හැකි උපරිම මිල රු. 85කි.
අනයනකරුවන් විසින් සුදු සීනි කිලෝග්රෑමයක් විකිණිය යුතු උපරිම මිල රු. 85කි