නිරෝධායන නීති නොතකමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අද දිනයේදී පැවැත්වීමට සුදානම් වන බවට ලද තොරතුරක් මත එය තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරිමකින් අනතුරුව එලෙස රැස්වීම් පැවැත්වීම දින 07 ක කාලයක් සඳහා තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇත.
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය අවම කිරිම සඳහා මාවනැල්ල ප්‍රදේශය හුදෙකලා කොට ඇති පසුබිමක ප්‍රාදේශීය සභාවේ බලධාරින්ටද රෝග ව්‍යාප්තිය පාලනය කිරිමට වගකීමක් ඇති බවයි පොලිසිය පවසයි.